නැගෙනහිර ලන්ඩනයේ ඇසිඩ් ප්‍රහාරයක් සිදුවෙලා


නැගෙනහිර ලන්ඩනයේ, ස්ට්‍රැට්ෆෝඩ් හි සිදුවූ ඇස්ඩ් ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පිරිසක් විසින් විෂ රසායනිකයක් මිනිසුන් වෙත එල්ල කරමින් සිටින බවට පොලීසියට ලැබුණු හදිසි ඇමතුමකට අනුව සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ ළඟා වී තිබේ.

කෙසේ වෙතත්, මෙ ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද, නැද්ද යන්න පිළිබඳ තහවුරු කරගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බවද සඳහන් වෙයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස ස්ථාන කිහිපයකදී ඇසිඩ් ප්‍රහාරවලට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, සිද්ධියෙන් තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කිරීමට ගිලන්රථ සේවා කටයුතු කර ඇති අතර, කිසිවෙකුටවත් මරණීය තුවාලයක් සිදු වී නොමැති බවද රෝහල් ආරංචි මාර්ගවල සඳහන් වෙයි.

1_Accid 2



Recommended Articles