රුසියාව විසින් යුක්රේනයේ සිදුකරන ආක්‍රමණයට එරෙහිව රුසියාවේ මොස්කව් නගරයේදීම අද (21දා) දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දැවැන්ත රැලියක් පැවති බව වාර්තා වෙයි.
යුද්ධය එපා සහ බොරු නවත්වන යන සටන් පාඨය කියමින් ජනතාව එම රැලියට සහභාගි වී සිටි බවද මොස්කව් නගරයෙන් වාර්තා වෙයි.
මේ ආකාරයේම දැවැන්ත රැලි ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු තවත් රුසියානු නගර කිහිපයකදීම පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට නැගෙනහිර යුක්රේනයේ සිදුවූ රුසියානු හිතවාදීන්ගේ ආක්‍රමණය හේතුවෙන් මියගිය පිරිස 3,000කට වැඩිය.
මේ වනවිට එහි සටන් විරාමයක් පැවතියත්, එම සටන් විරාමයද නාමමාත්‍රික සටන් විරාමයක් බව කියැවෙයි.