නැගෙනහිර යුක්රේන ගැටුම් නැවැත්වීමට පූටින් සූදානම්ලු


යුක්රේනය හා රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර සාම ගිවිසුමක් ලබන සිකුරාදා වනවිට ඇති කිරීමට හැකිවනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් විශ්වාසය පළ කරයි.

නැගෙනහිර යුක්රේනයේ සිදුවන ගැටුම් නවත්වන ලෙස පාර්ශ්ව දෙකෙන්ම ඉල්ලා සිටින්නේ යැයි පවසන පූටීන් පවසන්නේ යුක්රේනය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට තමන් සූදානම් බවයි.

මේ අතර, යුක්රේන ජනාධිපති පේට්‍රෝ පොරොෂෙන්කෝද සටන් විරාමයට එකඟත්වය පළ කර තිබේ.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇත්තේ තමන් යුක්රේන ජනතාව සමග නැගී සිටින බවයි.

යුක්රේන ජනතාවට තමන්ගේ අනාගතය තීරණය කරගැනීමේ අයිතිය පැවතිය යුතු බව ඔබාමා අවධාරණය කරයි.



Recommended Articles