නැගෙනහිර යුක්රේනයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් සිය නිවාස අත්හැර පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පසුගිය සති තුනක කාලය තුළ පමණක් නැගෙනහිර යුක්රේනය තුළ විශාල පිරිසකට උන්හැටි තැන් අහිමි වී ඇති බවත්, එම අගය 260,000ක් පමණ වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, 814,000ක් පමණ පිරිසක් මෙම වසර තුළදී දේශසීමා පනිමින් රුසියාවට ඇතුළු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට රුසියානු හිතවාදීන් නැගෙනහිර යුක්රේනයේ ඇති කර තිබෙන ගැටුම්කාරී වාතාවරණය මෙම අර්බුදය ඇතිකර තිබේ.