නැගෙනහිර යුක්රේනය සම්බන්දයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට පැමිණෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ඇරයුම් කරයි.
පූටීන් පෙන්වා දෙන්නේ, පළාතේ ජීවත්වන ජනතාවගේ කැමැත්ත ඉස්මතු කරනු වස මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවයි.
නැගෙනහිර යුක්රේනය තුළ සිදුවන රුසියානු ආක්‍රමණය යළි හැරවීම හෝ යුරෝපා සංගමයේ සම්බාධකවලට මුහුණදීම යන දෙකින් එකකට සතියක කාලයක් ලබාදෙමින් යුරෝපා සංගමය නිකුත් කළ අවසන් නිවේදනයත් සමග පූටින් මෙසේ අදහස් පවසා ඇත.
කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේනය තුළ රුසියානු හමුදා යෙදවීම සම්බන්ධයෙන් බටහිරින් නැගෙන චෝදනාව රුසියාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.