නැගෙනහිර යුක්රේන ගැටුම් නිසා MH17 පරීක්ෂණ යළි නවතී


නැගෙනහිර යුක්රේනයේ අලුතින් ආරම්භ වී ඇති ගැටුම් හේතුවෙන් MH17 යානාය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට සිය පරීක්ෂණ නැවත අත්හිටුවීමට සිදුව ඇති බව පැවසෙයි.

මෙම ප්‍රදේශයේ සිය පරීක්ෂණ සිදුකරන අතරවාරයේදී කාලතුවක්ක ප්‍රහාර ආසන්නයෙන් පුපුරායෑම හේතුවෙන් ඔවුන්ට සිය මෙහෙයුම නැවත්වීමට කටයුතු කර තිබේ.

පසුගිය ජූලි 17 වැනිදා අනතුරට පත්ව විනාශ වී ගිය MH17 යානයේ ගමන් ගත් පුද්ගලයන් 298 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකාව හා යුක්රේනය චෝදනා කරමින් කියා සිටියේ රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යානය විනාශ වූ බවයි. නමුත්, එය ප්‍රතික්ෂේප කරන කැරලිකරුවන් යුක්රේන හමුදාව වෙත ඇඟිල්ල දිගු කරයි.

 



Recommended Articles