නැගෙනහිර යුක්රේනයේ ස්ලෝවියාන්ස්ක් ප්‍රදේශයේ යුක්රේන හමුදාව සහ රුසියානු හිතවාදී සටන්කරුවන් අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව වාර්තා වෙයි.
යුක්රේන හමුදාව නගරය වෙත ෂෙල් ප්‍රහාරයක් එල්ල කළ අතර, ප්‍රහාරය යානා නගරය අහස පුරා සැරි සැරූ බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ස්ලෝවියාන්ස්ක් හි ආරක්ෂක මුරපොලක් වෙත රුසියානු හිතවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයෙන් එක් හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසෙයි.
මේ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නගරයේ පැවති මාර්ග බාධකද සටන්කාමීන් විසින් විනාශ කර දමා ඇති බවයි.
පසුගිය සති කිහිපය පුරාම රුසියානු කතා කරන යුක්රේන ජනතාවගෙන් සැදුම්ලත් බෙදුම්වාදීන් යුක්රේන ආරක්ෂක අංශ සමග සටන් වදින අතර, ඔවුන් අත්පත් කරගෙන සිටින රජයේ ගොඩනැගිලි යළි අත්පත් කරගැනීම රජයේ හමුදාවන්ගේ අරමුණ වී තිබේ.