නැගෙනහිර ආසියානු කලාපයේ පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් තායිවානයේ පමණක් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, දකුණු කොරියාවේ සංචාරකයන් 60,000ක් කොටුවී සිටින බව විදෙස් වාර්තා පවසයි.
තායිවානය තුළ සාමාන්‍යයෙන් පවතින්නේ සෞම්‍ය නිවර්තන කලාපීය දේශගුණයකි. කෙසේ වෙතත්, මේ දිනවල උෂ්ණත්වය වේගයෙන් පහළ යෑම නිසා සිදුවූ ජීවිත හානිවලින් වැඩි පිරිසක් වයෝවෘද්ධ ජනතාව බවද කියැවෙයි.
මීට අමතරව, චීනය, ජපානය සහ හොංකොං ඇතුළු නැගෙනහිර ආසියානු කලාපයට අයත් බොහෝ ප්‍රදේශවලද දැඩි ශීත කාලගුණයක් මේ වනවිට පවතින බවද වාර්තා වෙයි.
අයහපත් කාලගුණයත් සමග දකුණු කොරියාවේ ජේජු දූපත වසා දැමීම නිසා, එම ගුවන් තොටුපොළද වසා දැමීමෙන් මෙසේ සංචාරකයන් එහි කොටුවී සිටින බව කියැවෙයි.