න්‍යෂ්ටික බොත්තම මගේ මේසෙ උඩ - කිම් ජොන්ග්


න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා වූ ක්‍රියාත්මක බොත්තම තම මේසය මත පවතින බවත්, එබැවින් ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිම අවස්ථාවක යුද්ධයක් ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අවධාරණය කරයි.

නව අවුරුදු උදාව වෙනුවෙන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් පවසා සිටියේ සමස්ත ඇමෙරිකා එක්සත් ජනපදයම උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාර වළල්ල තුළ බවයි.

මෙය යථාර්ථයක් බවත්, කිසිසේත්ම තර්ජනයක් හෝ ගර්ජනයක් නොවන බවත් උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් පවසයි.

මෙම අදහස් දැක්වීම තුළදී උතුරු කොරියානු නායකයා දකුණු කොරියාව වෙත යම් මිත්‍රශීලීබවක් පෙන්වා ඇති බවද විචාරකයෝ පවසති. එනම්, දෙපාර්ශ්වය අතර සාකච්ඡාවකට දොරටු විවර කළ හැකි බව ඔහු හඟවා තිබේ.

එමෙන්ම, දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළට උතුරු කොරියානු කණ්ඩායමක් යවන බවද හෙතෙම පවසා ඇත.

මේ අතර, උතුරු කොරියානු නායකයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇමෙරිකානු නායකයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ, "අපි බලමු... අපි බලමු..." යනුවෙනි.

1_Kim

 



Recommended Articles