නව මිසයිලයෙන් ඇමෙරිකා භූමියම ආවරණය වෙනවාලු


උතුරු කොරියාව විසින් පසුගියදා අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සමස්ත ඇමෙරිකානු භූමියම ආවරණය කරමින් පහරදිය හැකි ආකාරයේ මිසයිලයක් බව උතුරු කෙරියානු මාධ්‍ය පවසයි.

මේ තත්ත්වය තුළ න්‍යෂ්ටික රාජ්‍යයක් බවට පත්වීමේ ප්යොන්ග්යැන්ග් පාලනයේ උපාය මාර්ගය සාර්ථකත්වයට පත්ව ඇති බවද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

ඊයේ (29දා) අලුයම උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මෙම නවතම මිසයිලය හ්වාසොංග් 15 ලෙස නම්කර ඇති අතර, මෙය උතුරු කොරියාව එදාමෙදා තුර අත්හදා බැලූ මිසයිල අතරින් වඩාත් ඉහළින්ම ගමන් කරමින් සාගරයට පතිත වූ මිසයිලය ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, කි.මී. 4,475ක් දක්වා ඉහළින් විනාඩි 53ක කාලයක් ගමන් කර ඇති මෙම මිසයිලය කිලෝමීටර් 950ක පමණ ගමනාන්තයකින් පසු ජපාන මුහුදට පතිත වී ඇත.

කෙසේ වෙතත්, මෙවර මෙම මිසයිලය ජපානයට ඉහළින් ඇදීයාමට සලස්වා නැති අතර, එය සිරස්ව ගුවනට විදීමෙන් පසුව ජපානයේ උතුරු වෙරළ සීමාවට කි.මී.250ක් පමණ ඔබ්බෙන් පතිත වී තිබේ.

1_missile



Recommended Articles