නවාස් ෂෙරීෆ් බිරිඳ ප්‍රධාන ආසනයක් ජයග්‍රහණය කරයි


දූෂණ චෝදනා මත බලයෙන් ඉවත්වූ පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ එරට ප්‍රාදේශීය මැතිවරණයෙන් ලාහෝර් හි ප්‍රධාන ආසනයක් ජයග්‍රහණය කර ඇති බව නිල නොවන ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙයි.

කුල්සූම් නවාස් සිය ස්වාමියා වෙනුවෙන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූ අතර, එහිදී ඇය ඡන්ද 61,254ක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ඇය සමග තරග කළ සෙසු අපේක්ෂකයන්ට වැඩිම මනාප ප්‍රමාණය ලෙස ලබාගැනීමට හැකිවී තිබෙන්නේ ඡන්ද 14,188ක් පමණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත දූෂණ චෝදනා හේතුවෙන් බලයෙන් පහ කළ හිටපු අගමැතිවරයා වෙනුවෙන් පැවති ජනමත විචාරණයක් ලෙස බොහෝ දෙනා මෙම මැතිවරණය සැලකූහ.

එහිදී, සිය මවගේ මැතිවරණ වේදිකාවේ වඩාත් ප්‍රබල චරිතයක් ලෙස නවාස් ෂෙරීෆ් දියණිය, මාරියාම් නවාස් කථිකයෙකු ලෙස සිටි අතර, බොහෝ දෙනෙකු ඇය හැඳින්වූයේ සිංහයාගේ ආගමනය ලෙසය.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ මෙය සාමාන්‍ය මැතිවරණයක් නොවන බවයි.



Recommended Articles