නවසීලන්ත ඉතිහාසයේ දූෂිතම මහ මැතිවරණයද?


නවසීලන්ත මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට අවසන්ව ඇති අතර, මෙම මැතිවරණ ව්‍යාපාරය එරට ඉතිහාසයේ දූෂිත මැතිවරණයක් ලෙස පැවසෙයි.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන්ද වත්මන් අගමැති ජෝන් කී තුන්වැනි ධුර කාලය වෙනුවෙන්ද පහසු ජයක් අත්කර ගනු ඇති බව මැතිවරණ පුරෝකථනයන් පෙන්වාදී තිබේ.

අගමැතිවරයා නියෝජනය කරන නවසීලන්ත ජාතික පක්ෂයේ දූෂිත දේශපාලනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් සිය පක්ෂය ආරක්ෂා කරගැනීමට ඔහු කටයුතු කර තිබූ බව කියැවෙයි.

කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂණයන් අනුව, ඡන්දදාකයන් අතර ඔහු කෙරෙහි තවමත් ජනප්‍රියත්වයක් පවතින බව පැවසෙයි.

මෙවර මැතිවරණය වෙනුවෙන් මිලියන 3.5ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, ප්‍රථම ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් පසුවෙයි



Recommended Articles