පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වී සිටින නවසීලන්ත අගමැති ආර්යාව එරට ගෝත්‍රික ජනතාව වන මඕරිවරුන් පළඳින කබායකින් සැරසී මහ රැජින හමුවීමට පැමිණීම විශේෂත්වයක් ගෙන තිබේ.
කොරොවායි යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂ කබාය කුරුළු පිහිටුවලින් හැඩ ගන්වා ඇති අතර, එය නවසීලන්තයේ ආදිවාසීන් පිළිබඳ සංස්කෘතිකමය හෙළි දරව්වක් බඳුය.
විශේෂ අවස්ථාවන් සඳහා මාඕරිවරුන් විසින් අඳුනු ලබන මෙම කබාය, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණීමෙන් බොහෝ දෙනෙකු විමතියට පත්ව ඇති බව කියැවෙයි.
නවසීලන්ත අගමැති ආර්යාව වන ජැසින්ඩා ආර්ඩර්න් මෙම විශේෂ කබාය සමග තම රටේ ආදිවාසීන් පිළිබඳවද ලෝකයට ආදර්ශයක් සපයා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.