නවසීලන්තය කැලෑ හාවුන් මරන්න වෛරසයක් එවයි


නවසීලන්තයේ කැලෑ හාවුන් ගහණය වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් හාවුන් මරා දැමීමේ වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැරසෙයි.

මේ වනවිට එරට කැලෑ හාවුන් ගහණය ඇතැම් ප්‍රදේශවල පළිබෝධයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ හේතුවෙන් මෙම වෛරසය හඳුන්වා දීමට නවසීලන්තය සැරසෙයි.

එරට ගොවි ප්‍රජාව මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා සිටියත්, මේ හරහා සුරතල් සතුන් ලෙස ඇති කරන හාවුන්ද ජීවිතක්ෂයට පත්වනු ඇති බවට කතාබහක් ඇති වී තිබේ.

කෙසේ වෙතත්, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නේ මෙය වන සතුනට එරෙහි කෘරත්වය ප්‍රදර්ශනය කිරීමක් බවයි.

1_Rabbit



Recommended Articles