නවසීලන්තයේ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි


නවසීලන්ත රැකියා විරහිතයන්ගේ කාර්යාලයේදී වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කරමින්, තවත් අයෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු සොයා නවසීලන්ත පොලීසිය සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

අද උදෑසන මෙම සිදුවීම ඇති වී තිබෙනේ ක්‍රිස්ට්චර්ච් නගරයට නිරිතදිගින් වූ ඇෂ්බර්ටන් ආශ්‍රිතවය.

රැකියා විරහිතයන් සඳහා වූ වර්ක් ඇන්ඩ් ඉන්කම් කාර්යාලයට පැමිණි මෙම පුද්ගලයා විවෘත වෙඩි තැබීමක් සිදුකර පසුව පළාගොස් ඇති බව පැවසෙයි.

ප්‍රදේශයේ පොලීසිය පෙන්වා දෙන්නේ බරපතල තුවාල සහිත පුද්ගලයාගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය පවසයි.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයා හමුදා ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී මෙම ප්‍රහාර සිදුකර ඇති බව පැවසෙන අතර, සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.



Recommended Articles