නවසීලන්තයේ භූ කම්පනයක්


නවසීලන්තයේ උතුරු දූපතේ රික්ටර් මාපාංක 6.3ක භූමිකම්පාවක් පිළිබඳ වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ භූකම්පනය හේතුවෙන් සිදුවූ ප්‍රධාන දේපොළ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි, නවසීලන්තයේ උතුරු දූපතේ, මාස්ටර්ටොන් නගරයට ඊසානදිග කිලෝමීටර් 38ක් පමණ දුරින් මේ භූ කම්පනය ග්‍රිනීච් වේලාවෙන් අලුයම 2.52කට පමණ ඇතිවී තිබේ.

ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ භූමියේ ප්‍රධාන කම්පනයන් කිහිපයක්ම තමන්ට දැනුණු බවයි.

මෙදින රජයේ නිවාඩු දිනයක් බැවින් බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා තැබීමෙන්, සිදුවූ හානිය අවම විය හැකි බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.



Recommended Articles