නර්තන වේදිකාව කඩා වැටී 40ක් රෝහලගත කරලා


දකුණුදිග ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජශාලාවක නර්තන වේදිකාව කඩා වැටීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

බටර්ෆ්ලයි ඩිස්කෝ සමාජ ශාලාවේ සිටි පිරිසක් මේ ආකාරයෙන් නර්තයෙන් යෙදී සිටියදී එහි උඩුමහලේ වූ නෘත්‍ය වේදිකාව බිම් මහල වෙතම කඩා වැටී ඇති බව කියැවෙයි.

මෙහිදී, බොහෝ දෙනෙකු අස්ථි බිඳී යාම්වලට ලක්ව ඇති බවද සඳහන් වෙයි.

සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන දකුණුදිග ස්පාඤ්ඤයේ ප්ලායා ඩි ලාස් ඇමෙරිකාස් හි සමාජ ශාලාව තුළ අනතුරට ලක්වූවන් ස්පාඤ්ඤය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, බෙල්ජියම සහ රුමේනියාව යන රටවල පිරිස් බවද කියැවෙයි.

1_Dance 02 1_Dance



Recommended Articles