නයිජීරියා හිටපු ජනපති පුතු බොකෝ හරාම් ප්‍රහාරයෙන් තුවාල ලබයි


නයිජීරියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලුසෙගුන් ඔබසන්ජෝගේ පුත්‍රයා බොකෝ හරාම් සටන්කාමීන් සමග පැවති සටනකදී වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ලුතිනන් කර්නල්වරයෙකු ලෙස එරට හමුදාවේ සේවය කරන ඔහු ඊසානදිග නයිජීරියාවේ මිචිකා නගරය බොකෝ හරාම් ත්‍රස්තයන්ගෙන් මුදාගැනීමට සිදුකළ මෙහෙයුමේදී මෙසේ තුවාල සිදුවී තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේදී බොකෝ හරාම් අන්තවාදීන් රැසක් ඝාතනය කළ බවද එරට හමුදාව පවසයි.

මේ අතර, කැමරූන් රාජ්‍යය වෙත ඇතුලුවීමට උත්සාහ කළ නයිජීරියාවේ බොකොහරාම් ත්‍රස්තවාදී සටන්කරුවන් 100 දෙනෙකු මරා දැමූ බව එරට හමුදාවද පවසයි.



Recommended Articles