නයිජීරියා බස් නැවතුම් පොළක බෝම්බ පිපිරීමක්


නයිජීරියාවේ ප්‍රධාන බස් නැවතුම් පොළක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් සිවු දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

නයිජීරියාවේ ගොම්බේ නගරයේදී මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, නගරයේ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මියගිය පිරිස හා තුවාල ලැබූවන් මීට වඩා වැඩිවිය හැකි බවයි.

එම අවස්ථාවේ බස් රථ කිහිපයක්ම එහි නවතා තිබී ඇති අතර, ඒවා ජනයාගෙන් පිරී පැවති බවද කියැවෙයි.

මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන්ට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.



Recommended Articles