නයිජීරියානු ජනාධිපතිවරණයෙන් එරට හිටපු හමුදා පාලකයෙකු වූ ජෙනරාල් මුහම්මදූ බුහාරි ජයග්‍රහණය කර තිබේ.
මෙම ජයග්‍රහණය තම ජාතිය බලාපොරොත්තු වූ වෙනස හා ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කළ අවස්ථාවක් බව ජයග්‍රහණයෙන් පසුව බුහාරි පවසා සිටියේය.
මේ අතර බලයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගුඩ්ලක් ජොනතන් වටිනා ප්‍රතිමල්ලවයෙක් බව කියා සිටි බුහාරි ඔහු සාමකාමීව බලය අත්හැරීම පිළිබඳව සිය ස්තූතියද පළ කළේය.
තම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණය බව පෙන්වා දුන් බුහාරි මෙම මැතිවරණයෙන් මිලියන 15.4ක ඡන්ද ලබාගෙන ඇති අතර, ප්‍රතිවාදී ජොනතන් ලබාගෙන ඇත්තේ ඡන්ද මිලියන 12.9ක් පමණි.
මේ අතර, බුහාරිගේ ජයග්‍රහණය සමග නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ට යම් අනතුරු ඇඟවීමක් එල්ල වන බවද විදෙස් වාර්තා පවසයි. ඔහු හිටපු හමුදා ජෙනරාල්වරයෙකු නිසා ජොනතන්ට වඩා ඉස්ලාම් අන්තවාදීන් පරාජය කිරීමේ වැඩි හැකියාවක් ඇත්තෙකු ලෙස එරට ජනතාව සලකයි.