නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් - ජීවිත හානි රැසක්


නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක අද සිකුරාදා ආගමික වතාවත් අතරතුර ඇති වූ පිපිරීමකින් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වෙයි.

නයිජීරියාවේ, කානෝ නගරයේ විශාලතම මුස්ලිම් දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර, තුවාල ලැබූවන්ද විශාල පිරිසක් සිටිනු ඇති බවට එරටින් වාර්තා වෙයි.

මේ වනවිට නිල තොරතුරු ලැබී නැතත්, මෙම පිපිරීම නයිජීරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් සංවිධානයේ ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙයි.

එම ත්‍රස්ත සංවිධානයට ආයුධ යළි භාරදෙන ලෙස පසුගියදා එරට රජය ඉල්ලීමක් කළද, ඔවුන් මේ වනවිට මෙම වසර තුළ පමණක් මිනිස් ජීවිත 2,000කට වැඩි ප්‍රමාණයක් බිලිගෙන ඇති බවද කියැවෙයි.



Recommended Articles