නයිජීරියාවේ පාසලක මරාගෙන මැරෙන ප්‍රහාරයක්


උතුරුදිග නයිජීරියාවේදී මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් පාසලක් තුළ බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව අද (12දා) විදෙස් පුවත් වාර්තා කළේය.

කොන්ටගෝරා නගරයේ පාසල් ගොඩනැගිල්ලක් වෙත් සිසුන් විශාල පිරිසක් ඇතුළු වන අවස්ථාවේදී මෙම බෝම්බ පිපිරීම සිදුව තිබේ.

මේ වනවිටත් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස පිළිබඳ පැහැදිලි තොරතුරු නැතත් ප්‍රහාරයෙන් මියගිය සිව් දෙනෙකුගේ මළ සිරුරු දක්නට ලැබුණු බව ඇසින් දුටු සාක්ෂි පවසයි.

වසර කිහිපයක සිට නයිජීරියාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වී සිටින බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයද එල්ල කරන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මේ අතර, පසුගිය සඳුදා මේ ආකාරයෙන්ම පාසලක් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.



Recommended Articles