නයිජීරියාවේ පාසලක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්


උතුරුදිග නයිජීරියාවේ විශාලතම නගරය වන කානෝ හි පාසලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වෙයි.

තම නව ප්‍රවේශයන් හි නම් පරීක්ෂා කිරීම සඳහා සිසු සිසුවියන් පෝලිම් ගැසී සිටියදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන් බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව සෑම තැනම මළ සිරුරු විසිරී ඇති ආකාරය දක්නට ලැබුණු බවයි.

පසුගිය කාලය පුරාවටම නයිජීරියාව තුළ මෙවැනි ප්‍රහාර එල්ල කිරීම බොකො හරාම් ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකිරීම හේතුවෙන් මේ අමානුෂික ප්‍රහාරයද බොකො හරාම් ප්‍රහාරයක් ලෙස විශ්වාස කෙරෙයි.

බෝම්බය පුපුරන අවස්ථාවේදී බෝම්බකරුද දරුවන් අතර සිට ඇති බව විශ්වාස කෙරෙයි.



Recommended Articles