නයිජීරියානු ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව එරට මැතිවරණ කාර්යාලය පවසයි.
එරට වත්මන් ජනාධිපති ගුඩ්ලක් ජොනතන් මෙවර මැතිවරණයේදී හිටපු හමුදා පාලකයෙකු වූ මුහම්මදූ බුහාරි සමග කරට කර තරගයකට නියැලෙනු ඇති බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ තාක්ෂණික දෝෂ, උද්ඝෝෂණ හා බොකෝ හරාම් ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මැතිවරණයට බලපෑම් එල්ල වූ බවයි.
ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා එරටට අලුතින් හඳුන්වාදුන් ඉලෙක්ට්‍රොනික කාඩ්වල ඇති වූ දෝෂයක් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම දින දෙකක් දක්වා ඇදී ගියේය.