නයිජීරියානු ජනාධිපතිවරණය පැවැත්වෙන අතරවාරයේ ඇති වූ ප්‍රහාර කිහිපයක් හේතුවෙන් ඇතැම් පළාත්වල ඡන්ද විමසීම ඉරිදා දිනය දක්වාම කල් දැමෙන බව එරට බලධාරීහු පවසති.
මෙම ප්‍රමාදය රට පුරාම දක්නට නොලැබුණත්, එය සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් බවද කියැවෙයි.
මේ අතර, මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති නව තාක්ෂණයෙන් යුතු ඡන්ද පත්‍රිකාව හේතුවෙන්ද ඡන්ද විමසීම ප්‍රමාද වි ඇති බව කියැවෙයි.
මැතිවරණය පැවති අද දිනයේ ස්ථාන කිහිපයක ඇති වූ සිදුවීම්වලින් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.