නයිජීරියානු ආගමික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල යානයක් නිසා කඩා වැටුනාලු


නයිජීරියාවේ ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ටී.බී. ජෝෂුවා පල්ලියේ ගොඩනැගිල්ල කඩා වැටීමට එම ගොඩනැගිල්ල ඉහළින් පියාසර කළ ගිය කුඩා ගුවන් යානයක් හේතු වූ බව එහි අනුගාමිකයෝ පවසති.

මහල් දෙකකින් යුතු මෙම ගොඩනැගිල්ල පසුගිය සිකුරාදා දිනයේදී කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

මෙම ආගමික මධ්‍යස්ථානයේ ජෝෂුවා එරට ප්‍රකට දේවගැතියෙකු ලෙස කටයුතු කරන අතර, බොහෝ අනුගාමිකයන් ඔහු වටා සිටින බවද කියැවෙයි.

ඒ අනුව, එම අනුගාමිකයන් පවසා සිටින්නේ ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර ඒ වටා කුඩා ගුවන් යානයක් ගමන් කළ බවත්, ඔවුන් තම ආගමික නායකයා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවත්ය.

මෙම අනතුරින් පසු ඒ තුළ සිරවී සිටි පුද්ගලයන් 130 දෙනෙකු බේරාගැනීමට සහන සේවකයන් කටයුතු කර ඇති අතර, ඔවුන් ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව පැවසෙයි.

කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ලේ සම්මත මහල් ප්‍රමාණයට වඩා මහල් ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කළේද යන්න පිළිබඳ සලකා බැලෙන බව වාර්තා වෙයි.

 



Recommended Articles