උතුරුදිග නයිජීරියාවේ කැරලිමර්දන පොලිස් පුහුණු ඇකඩමිය බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
ආයුද සන්නද්ධ රථ තුනකින් හා යතුරුපැදි රැසක නැගී ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තයන් පොලිස් ඇකඩමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම පොලිස් ඇකඩමියට ආසන්න ග්වෝසා නගරය බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් පසුගිය මාසයේදී අත්පත් කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් ඇකඩමියටද ප්‍රහාරය එල්ල වී තිබේ.
ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් 2009 වසරේදී බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් ආරම්භ කරනලද අමානුෂික ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඊසානදිග නයිජීරියාව පුරා ජීවිත දහස් ගණනක් අහිමි වී තිබේ.