නයිගර්හි මියගිය ඇමෙරිකානු සෙබලු ඉතිහාසයට එක්වෙති


ඇමෙරිකානු විශේෂ බලකා සෙබලු සිව්දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසයේදී නයිගර් රාජ්‍යයේදී ප්‍රහාරයකට ලක්ව මියයෑමේ සිද්ධිය වසර 25කට පසුව අප්‍රිකානු කලාපයේදී ඇමෙරිකානු සෙබලු වැඩි පිරිසක් එකවර ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවක් ලෙස ඉතිහාසගත වී තිබේ.

නයිගර් රාජ්‍යයේ, ටොන්ගෝ ටොන්ගෝ ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ සිදුවන අතර, ඇමෙරිකානු සෙබලු පිරිස කුමන අරමුණකින් එම ප්‍රදේශයේ සංචාරය කළේද යන්න සොයා බැලෙයි.

 ඔවුන් සහායක කණ්ඩායමක් ලෙස පැමිණියේද, ඔවුන් හිතාමතා මෙවැනි අනතුරකට බඳුන් වූයේද, විශේෂයෙන්ම අප්‍රිකාවේ එතරම් නොදන්නා ප්‍රදේශයක මේ අවස්ථාවේ ඔවුන් කුමක් කළේද යන්න එම පරීක්ෂණ අතර සොයා බැලෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්දයෙන් පිටු දහස් ගණනක පරීක්ෂණ වාර්තාවක් සකස් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි 143ක්ද ඊට ඇතුළත් කර ඇත.

නමුත්, මෙම තොරතුරු තවමත් මෙම ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ පවුල්වලට අයටද දැනගැනීමට නොහැකි වී ඇත්තේ එම තොරතුරු අතිශය රහස්‍ය තොරතුරු ලෙස පැවතීම නිසාවෙනි.

1_Soldier 2



Recommended Articles