නත්තල වෙනුවෙන් නවසීලන්ත අගමැතිනියට රහසිගත තෑග්ගක්


නත්තල් සමයේදී නවසීලන්තය පුරා පැවැත්වෙන නත්තල් තෑගි හුවමාරු කරගැනීමේ අවස්ථාවට මෙවර අගමැතිනී ජෙසින්ඩා ආර්ඩර්න් සහභාගි වූවාය.

අතිශය රහසිගව නත්තල් සීයාගෙන් ලැබෙන ත්‍යාග ලෙස හුවමාරු වන මෙම තෑගිවලදී මෙවර අගමැතිනිය වෙත ලැබී තිබුණේ සිය නිවසේ නත්තල් ගසෙහි එල්ලීම සඳහා වූ සැරසිල්ලකි.

නවසීලන්තය පුරා 4,000ක පමණ පිරිසක් මෙවර මෙම විශේෂ අවස්ථාවට සහභාගි වී තිබුණු අතර, අගමැතිනිය වෙත මෙම ත්‍යාගය ලැබුණු පුද්ගලයාගේ නමද සඳහන් නොවීය.

මෙම අතිශය රහසිගත නත්තල් සීයා ත්‍යාග හුවමාරුවේදී බොහෝවිට මිල අධික නොවූ ත්‍යාග හුවමාරුව සිදුවන්නේ ත්‍යාග ලබාදෙන්නන්ගේ නම් හෙළි කිරීමකින් තොරවය. එහිදී, ඇතැම් දෙනාට වැඩිපුර ත්‍යාග ලැබෙන අවස්ථාද පවතින බව කියැවේ.

1_M



Recommended Articles