බ්‍රිතාන්‍ය රාජකීයයන් සමග නත්තල් දේව මෙහෙයට සහභාගී වීම සඳහා හැරී කුමරුගේ පෙම්වතිය, මේගන් මාර්කල් සහභාගි වී තිබේ.
එළැඹෙන මැයි මාසයේදී විවාහ දිවියට එලැඹෙන මෙම නව යුවළ රාජකීයයන් සමග සැන්ඩ්‍රින්ග්හැම් හි ශාන්ත මේරි මැග්ඩලීන් දේවස්ථානය වෙත පැමිණියහ.
පසුගිය වසරේදී අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා දේව මෙහෙය මගහැරුණු දෙවැනි එළිසබෙත් රැජිනද මෙවර දේව මෙහෙය සඳහා සහභාගි වී තිබුණි.
පිලිප් කුමරු, චාල්ස් කුමරු මෙන්ම, විලියම් කුමරු හා කේට් කුමරිය ඇතුළු රාජකීයයන් රැසක් මෙම දේව මෙහෙය සඳහා පැමිණයහ.