ධවල වර්ණයෙන් සැරසී මේගන් මංගල්‍යයට එයි - හැරී දැනටමත් දේවස්ථානයේ


හැරී කුමරුගේ අත ගැනීම සඳහා මේගන් මර්කල් වින්ඩ්සර් මාලිගය වෙත ගමන් අරඹා තිබේ.

එමෙන්ම, මෙම විවාහ මංගල්‍යයේදී මර්කල් කවර මංගල ඇඳුමකින් සැරසී සිටින්නේද යන්න මුල සිටම කතා වූ අතර, මෙම ඡායාරූපවල ඇයගේ පැමිණීම යන්තමින් මාධ්‍යයේ උකුසු ඇසට හසුවීමත් සමග මංගල ඇඳුම ගැනද කතාබහ යළිත් ඇරඹී තිබේ.

36 වැනි වියෙහි පසුවන මේගන් ධවල වර්ණයෙන් යුතු මංගල ඇඳුමක් ඇඳ සිටින බව පෙනෙන අතර, ඇය දියමන්තිවලින් වැඩි දැමූ කුඩා ඔටුන්නක් සමග මංගල වේල් එකකින්ද සැරසී සිටියාය.

ඇයත් සමග ඇගේ මෑණියන් වන ඩොරියා එම මංගල රථයේම වින්ඩ්සර් මාලිගය වෙත පැමිණෙමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, මනාලියට පෙර වින්ඩ්සර් මාලිගයේ සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටි හැරී කුමරු, තම දෙවැනි මනාලයා වූ විලියම් කුමරු සමග දේවස්ථානය වෙත මේ වනවිට පැමිණ සිටී.

1_Megans 23 4



Recommended Articles