දේශසීමා තාප්පයට අපි ගෙවන්නේ නෑ -මෙක්සිකෝව


ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිකරන දේශසීමා තාප්පය සඳහා තමන් කිසිදු ගෙවීමක් සිදු නොකරන බව මෙක්සිකෝව පවසයි.

මෙක්සිකෝ ජනපති එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් මෙම අදහස් පළ කර තිබේ.

එන්රීක් පෙනා නීටෝ පවසා ඇත්තේ මෙම තීරණය සම්බන්ධයෙන් තමා ශෝක වන බවයි. එමෙන්ම, මෙක්සිකෝව කිසිම ආකාරයකින් තාප්පයක් ගැන විශ්වාසය නොතබන බවද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, එළැඹෙන ජනවාරි 31 වැනිදා වොෂිංටනයේ සංචාරයක නිරත වී නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම අවලංගු කිරීමක් හෝ කල් දැමීමක් ගැන ඔහු සඳහන් කර නොමැති වීමද විශේෂත්වයකි.

ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීම සඳහා විධායක නියෝගයට අත්සන් තැබූ අතර, ඒ සඳහා වැය වන මුදල් මෙක්සිකෝව යළි ඇමෙරිකාව වෙත ගෙවීමක් සිදුවනු ඇති බවද ට්‍රම්ප් පවසා තිබුණි.

 



Recommended Articles