යුරෝපය වෙත මහා ගංගාවක් පිටාර ගලන ආකාරයෙන් ඇදී එන සංක්‍රමණිකයන් දේශසීමාවලදී තාවකාලිකව පාලනය කිරීමට ජර්මනිය හා ඔස්ට්‍රියාව සැරසෙයි.
මීට පෙර, ඔස්ට්‍රියානු දුම්රිය සමාගමේ ප්‍රකාශකයෙකුද පවසා සිටියේ ජර්මනිය බලා ධාවනය වන දුම්රිය ගමනාගමනය නැවැත්වූ බවයි.
සෙනසුරාදා දිනයේදී ජර්මනියේ මියුනිච් නගරය වෙත පමණක් සංක්‍රමණිකයන් 13,000ක් පමණ පැමිණ තිබුණි.
මේ වසරේ ජර්මනියට ලක්ෂ 800,000ක සංක්‍රමණිකයන් පිරිසක් ජර්මනිය බලාපොරොත්තු වෙයි.
1985 දී යුරෝපා සංගමයේ ෂෙන්ගන් කලාපයේදී සංගමයේ සාමාජික රටවල් අතර ගමන් බලපත්‍ර නොමැතිව ගමන් කිරීමේ නිදහස ලබාදෙනු ලැබීය.
මේ සඳහා යුරෝපා රටවල් 26ක් එකතු වුවත්, බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය ඊට එක් නොවීය.
කෙසේ වෙතත්, මෙම ෂෙන්ගන් කලාපයේ වුවද, ජාතික ආරක්ෂාව හෝ ජන ප්‍රතිපත්තියක් මත අදාළ දේශසීමාවන් හි පාලනයක් සිදුකළ හැකි බව පැවසෙයි.