දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන එකඟත්වයකට පැමිණීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට හැකිවී තිබෙන බව පැවසෙයි.
ලබන වසරේදී පැවැත්වෙන සමුළුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිටත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් සඳහා එකඟත්වයකට පැමිණ තිබේ.
පේරු රාජ්‍යයේ ලීමා නුවරදී දින දෙකක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව මෙම එකඟත්වයට පැමිණ තිබේ.
කෙසේ වෙතත් පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම එකඟත්වය නිශ්ඵල සම්මුතියක් බවයි.
නමුත්, යුරෝපා සංගමය ලබන වසරේදී පැරීසියේදී පැමිණෙන ගෝලීය දේශගුණික එකඟත්වය සඳහා තැබූ පියවරක් ලෙස මෙය සැලකිය හැකි බවයි.