බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින පසුගියදා සිය 92 වැනි උපන්දිනය මහත් හරසරින් සමරනු ලැබීය.
සිය පුත්‍රයා වූ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු පිරිවරා රාජකීයයන් මැදි කරමින් මෙම උපන්දින උත්සවය වෙනුවෙන් රාජකීය ඇල්බට් රංග ශාලාවේ සංවිධානය වූ සංගීත ප්‍රසංගය නැරඹීමට ඇය පැමිණ සිටියාය.
ඒ වෙනුවෙන් ප්‍රකට ගායක ගායිකාවන් රැසක් සහභාගී වූ අතර, චාල්ස් කුමරු විසින් විශේෂ උපන්දින සුබ පැතුමක්ද රැජින වෙත පිළිගැන්වීම විශේෂත්වයක් ගනු ලැබීය.
තවමත් හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටින රැජින එදාමෙදා තුර දීර්ඝ කාලයක් රජකම හොබවන සුවිශේෂී චරිතයක් ලෙස මේ වනවිටත් ලෝකයේ පැසසුමට ලක්ව සිටියි.