ඇමෙරිකාවේ ටෙක්සාස් හි දෙවැනි සෞඛ්‍ය සේවකයාටත් ඉබෝලා ශරීරගත වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙම සෞඛ්‍ය සේවකයන් දෙදෙනාම පසුගිය සතියේදී ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ලයිබීරියානු ජාතිකයාට සාත්තු කළ අය බව කියැවෙයි. ඔහු ඇමෙරිකාවේදී ඉබෝලා වෙනුවෙන් ප්‍රතිකාර ලැබූ ප්‍රථම පුද්ගලයා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉබෝලා වෛරසය පිළිබඳ මෙහෙයුම් ප්‍රධානීයා පවසා ඇත්තේ ඉබෝලා වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ තරගයෙන් ලෝකය තවමත් පරාජිත බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව මේ වනවිට බටහිර අප්‍රිකාව තුළ ඉබෝලා හේතුවෙන් මියගිය පිරිස 4,447 දක්වා වැඩි වී තිබේ.