පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වන යුක්රේනය තුළ අලුත්ම ආකාරයේ චැලෙන්ජ් එකක් නිර්මාණය වී ඇති අතර, එහිදී, දූෂිත දේශපාලඥයන්ව ඔසවාගෙන ගොස් කුණු කූඩවලට වීසි කරමින් එරට ජනතාව රට පුරාම මෙය සිදුකරන බව වාර්තා වෙයි.
"Trash Bucket Challenges" යනුවෙන් ප්‍රකට වී ඇති මෙම ක්‍රියාව සඳහා වැඩි වශයෙන් එරට අන්ත දක්ෂිණාංශික ආධාරකරුවන් සම්බන්ධ වී සිටින බව පැවසෙයි. ඔවුන් පවසන්නේ තමන් වීසි කරන දේශපාලඥයන් කුණු කූඩයට දැමීමට තරම් නරක් වී ඇති බවයි.
මේ අතර, ඇතැම් දූෂිත දේශපාලඥයන් කුණු කූඩයට ඔසවාගෙන යෑමට පෙර දැඩි පහරදීමකට ලක්වූ අවස්ථා ගැනද වාර්තා වන අතර, මෙය රටේ නීති පද්ධතියද නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඔඩුදුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, මෙවැනි දූෂිතයන්ට නීතියෙන් දඬුවම් නොපැමිණෙන බව පවසන මෙම ජනතාව තමන් විසින්ම ඔවුන්ට දඬුවම් පැමිණවීමට මෙම චැලෙන්ජ් එක රට පුරාම ක්‍රියාත්මක කරමින් සිටියි.