දූෂණයට ලක්වූ 16 හැවිරිදි දැරිය පණ පිටින් පුච්චලා


ඉන්දියාවේ 16  හැවිරිදි දැරියක් දූෂණයට ලක්ව ඇති බව ඇගේ දෙමවුපියන් ගම්මුලාදෑනින්ට පැමිණිලි කිරීමත් සමග එම දැරිය පණ පිටින් පුළුස්සා තිබේ.

මෙම දැරිය දූෂණය කිරීමේ වරදට පුද්ගලයන් 14 දෙනෙකු චෝදනා ලබා ඇති අතර, එසේ චෝදනාවට ලක්වූවන්ට ඉතා කුඩා දඬුවමක් පමණක් ලබාදුන් ගම්මුලාදෑනින් ඔවුන්ට ඉන්දියානු රු.50,000ක මුදලක් දැරිය වෙනුවෙන් ගෙවන ලෙස දන්වා තිබේ.

කෙසේ වෙතත්, මෙයින් තවත් කුපිත වී ඇති දූෂකයන් පසුව එම දැරියගේ දෙමවුපියන්ටද පහරදී, ඔවුන්ගේ නිවසට ගොස් දැරිය පණ පිටින් පුළුස්සා ඇති බව පොලීසිය පවසයි.

ඇගේ දෙමවුපියන් විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටි අවස්ථාවේදී දූෂකයන් විසින් දැරිය වන ලැහැබකට ඇදගෙන ගොස් දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් 18 දෙනෙකුගෙන් පුද්ගලයන් 14 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් වෙත ස්ත්‍රී දූෂණ චෝදනා සහ මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරෙන බව පොලීසිය පවසයි.

ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණය හා කාන්තා හිංසනය පිළිබඳ වාර්තා වන ප්‍රථම සිදුවීම මෙය නොවන අතර, පසුගිය කාලය පුරාවට එරට තුළ මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් රැසක් වාර්තා විය. 

1_Indian Girl



Recommended Articles