2014 දී උබර් ටැක්සියකදී දූෂණයට ලක්වූ ඉන්දීය කාන්තාවක් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය සහතිකවල නිරවද්‍යතාව පිළිබඳ සැක පළකිරීම ගැන එම සමාගමේ කළමනාකාරීත්වයට එරෙහිව ගොනුකර තිබූ ඇමෙරිකානු සිවිල් නඩුව සමතයකට පත්කර ගැනීමට එම සමාගම සූදානම් වෙයි.
2014 දෙසැම්බර් මාසයේදී එවකට 26 හැවිරිදි වියේ පසුවූ දිල්ලි කාන්තාව මෙම දූෂණයට ගොදුරු වනවිට ඇය මෙම ටැක්සි රථය ඉල්ලුම් කර තිබුණේ උබර් ඇප් එක හරහාය. එහිදී, ශිව කුමාර් යාදේව් නමැති ටැක්සි රියදුරා ඇයව සිය නිවසට ඇරලවනවා වෙනුවට, පාළු පෙදෙසකට පැහැරගෙන ගොස් ඇයව දූෂණය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම නඩුවෙන් පසුව උබර් සමාගම මෙම කාන්තාවගේ වෛද්‍ය සහතිකවල නිවද්‍යතාව පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්ගේ සමාගමට නඩුව හරහා අපකීර්තියක් වූ බවට චෝදනා නැගීමත් සමග මෙම අලුත් තත්ත්වය මතුවිය.
මේ නිසා දූෂණයට ලක්වූ කාන්තාව යළිත් සිවිල් නඩුවක් ගොනු කරමින් උබර් සමාගම තමන්ගේ පෞද්ගලිකත්වයට මේනම, තමන්ගේ චරිතය කැළලකට ලක්කළ බව සඳහන් කරමින් චෝදනා ගොනුකර තිබුණි.
මෙම ස්ත්‍රී දූෂණය සිදුකළ ටැක්සි රථ රියදුරා 2015 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්වූ අතර, මීට ගොදුරු වූ කාන්තාව මේ වනවිට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත්වෙයි.