දූෂකයාගේ සාකච්ඡාව බීබීසීය ප්‍රචාරය කළාට ඉන්දියාව උදහස් වෙයි


2012 වසරේදී ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කළ දූෂකයෙකු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් බ්‍රිතාන්‍යයේදී බී.බී.සී.ය විසින් විකාශය කිරීමත් සමග ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බී.බී.සී.යට එරෙහිව පියවර ගන්නා බවට අවධාරණය කර තිබේ.

අමාත්‍ය රාජ්නාත් සිං පවසන්නේ මේ සම්බන්ධ ප්‍රතිමාන උල්ලංඝනය කර ඇතිද යන්න තමන් සොයා බලන බවයි.

මේ ආකාරයෙන් සාකච්ඡාවට බඳුන් කර ඇති මුකේෂ් සිං නමැති දූෂකයා එම තරුණිය දූෂණය කිරීම හා ඇගේ මරණය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියමව ඇති චූදිතයන් සිවුදෙනාගෙන් කෙනෙකි.

මෙම සිසුවියගේ මරණය ලොව පුරා මහත් තැතිගැන්මක් ඇතිකළ සිදුවීමක් වූ අතර, ඉන්දියාව තුළද කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඇස් ඇරවූ සිදුවීමක් විය.



Recommended Articles