දූවිලි තැවරුණු බෑගයට ඇ.ඩො. ලක්ෂ 18ක් - වෙනස හඳේ දූවිලි


ඇමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතට පා තබා සඳේ පෘෂ්ඨයෙන් ලබාගත් පාෂාණ බහාලූ බෑගය නිව්යෝක් නුවර වෙන්දේසියකදී ඇ.ඩො.ලක්ෂ 18කට (ආසන්න වශයෙන් රු.මිලියන 270කට) අලෙවි වූ පුවතක් වාර්තා වෙයි.

වර්ෂ 1969 දී ඇපලෝ 11 මෙහෙයුමේදී නීල් ආම්ස්ට්‍රෝන් විසින් සඳ මතට පා තබමින් මෙම පාෂාණ බෑගය යළි පෘථිවිය වෙත රැගෙන පැමිණියේය. කෙසේ වෙතත්, අදාළ බෑගය සඳහා එවැනි ඉහළ ලංසුවක් ඉදිරිපත් කළ පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කර නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

පර්යේෂණ සඳහා භාවිත කිරීමේ අරමුණින් සඳේ පාෂාණ හා දූවිලි මෙම සුදු පැහැති බෑගයට දමාගෙන ඇති අතර, එහි කෞතුක වටිනාකම මේ තරම් ඉහළ ලංසුවක් ඊට ලැබීමට හේතු වන්නට ඇතැයිද විදෙස් වාර්තා සඳහන් කරයි.



Recommended Articles