දූරියන් මෙතරම් ගඳ ඇයිද යන්නට හේතු සොයාගෙන


දූරියන්වලින් මෙතරම් දුඟදක් වහනය වන්නේ ඇයිද යන පැනයට පිළිතුරු සොයාගැනීමට සිංගප්පූරු ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

එහිදී, මෙම පර්යේෂණයේ නිරත විද්‍යාඥයන් විසින් දූරියන් පලතුරට දරාගත නොහැකි ගඳක් ලැබීම සඳහා හේතු වී ඇති ජාන ප්‍රවේණිය සොයාගෙන ඇත.

මෙම සොයාගැනීම අනාගතයේදී දුගඳක් ඇති නොකරන හා ඉතා රසවත් පලතුරු නිර්මාණය කිරීම සඳහා සහාය විය හැකි බවද විද්‍යාඥයෝ පවසති.

කෙසේ වෙතත්, දූරියන්වල මෙම දුගඳ නොමැති නම්, එය දූරියන් නොවන බව මෙම විද්‍යාත්මක පර්යේෂණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දක්වා ඇති පිරිස් පවසති.

එමෙන්ම, දූරියන්වලටම ආවේණික මේ දුගඳ නොමැති වීම යමෙකුට තම අනන්‍යතාව අහිමිවීමක් වශයෙන්ද තවෙකෙකු අදහස් දක්වා තිබේ.

නේචර් ජෙනටික්ස් නමැති ජර්නලයේ මෙම පර්යේෂණයට අදාළ තොරතුරු අඩංගු වී තිබුණි.

1_durioteamphoto



Recommended Articles