වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ලෝකයේ අතිශය දුර්ලභ පක්ෂියෙකු ලෙස සැලකෙන පිලිපීනයේ පමානා රාජාලියෙකු එම තුවාල සුව වී නිදහස් කිරීමෙන් මාස දෙකකට පසු එම සත්වයා නැවතත් වෙඩි තබා මරා දමා ඇත.
එම රාජාලියා නිදහස් කළ දකුණුදිග වනාන්තර ප්‍රදේශයකදීම වෙඩි වැදී මියගොස් සිටි රාජාලියා හමුවූ බව පිලිපීන වනසංරක්ෂණ නිලධාරීන් පවසයි.
මෙම දුර්ලභ පක්ෂීන් 400ක් පමණ ලෝකයටම ඉතිරි වී සිටින බව පැවසෙන නිසා, මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට වසර 12ක හා ඇ.ඩො.60,000ක දඩයක් නියමි වන බව කියැවෙයි.