දුම්රියේ ආසන බෙදාගැනීමේ සිදුවීම ගවමස් දක්වා ඇවිලෙයි


ගව මස් අනුභවය සම්බන්ධයෙන් ඉන්දියාවේ හින්දූන් සහ මුස්ලිම්වරු අතර පවතින ගැටුමේ තවත් උච්චතම අවස්ථාවක් ලෙස දුම්රියකදී සිදුවූ ගැටුමක් වාර්තා වෙයි.

ඒ අනුව, හර්යානා ප්‍රාන්තයේ දුම්රියක් තුළදී හින්දූන් පිරිසක් විසින් මුස්ලිම් තරුණයන් සිව් දෙනෙකුට පහරදී ඇති අතර, එම පහරදීමෙන් 16 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

පසුගිය සිකුරාදා දිනයේදී සිදුව ඇති පහරදීමට හින්දූන් 20 දෙනෙකු පමණ එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හින්දූන්ට අනුව ගවයා යනු පූජනීය සත්වයෙකු ලෙස සලකන අතර, එරට ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය නීති විරෝධී කටයුත්තකි.

කෙසේ වෙතත්, පොලීසිය මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලට අනුව මෙම පහරදීම ආරම්භ වී ඇත්තේ දුම්රියේ ආසන බෙදාගැනීම සඳහා සිදුවූ අරගලයකින් වන අතර, පසුව එය ගව මස් අර්බුදය දක්වා දික්ගැස්සී තිබේ.



Recommended Articles