ඉන්දියාවේ දීපවාලී සැමරුම සමග පැවති ගිනිකෙළි සංදර්ශන නිසා දිල්ලි අගනගරය දුමාරයකින් වැසී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා ඇති වායු දූෂණය මෙන් 30 ගුණයක වායු දූෂණයක් පවතින ප්‍රදේශද මෙම ගිනිකෙළි දුමාරයත් සමග වාර්තා වී තිබේ.
හින්දූන්ගේ අතිශය වැදගත් උත්සවයක් ලෙස සැලකෙන දීපවාලී යනු නපුර පරාජය කරමින් යහපත ජයග්‍රහණය කළ ආලෝක පූජා පැවැත්වෙන පූජෝත්සවයකි.
කෙසේ වෙතත්, සඳුදා දිනයේදී දිල්ලි නගරය පුරා පැවති අධික දුමාරය ඝන මීදුමක් ලෙස පැතිර තිබුණු අතර, ජනතාවට හැකි තරම් නිවෙස් තුළට වී සිටින ලෙසත්, පිටතට පැමිණෙන්නේ නම් මුඛ ආවරණ පැළඳ සිටින ලෙසත් අවවාද කර තිබුණි.