දිවියෙකු ගම්වැදීමෙන් දැඩි නොසන්සුන්තාවක්


උතුරු ඉන්දියාවේ මීරූට් ප්‍රදේශයේදී දිවියෙකු ගම්වැදීම නිසා ගම්මානය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූ බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පාසල් වහාම වසා දැමීමට කටයුතු කර ඇති අතර, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස අනතුරු අඟවා තිබේ.

මීරූට් යනු දිල්ලි නගරයේ සිට පැය දෙකක දුරක පිහිටි නගරයක් බව බී.බී.සී.ය. පෙන්වා දෙයි.

මුලින්ම රෝහලකට ඇතුළු වී ඇති දිවියා එහි කාමරයක් තුළ කොටුකර ගැනීමට සමත් වුවත්, පසුව එම සත්වයා ඉන් පිටතට පැමිණ ඇති බව කියැවෙයි.

මේ නිසා ප්‍ර දේශය පුරා පොලීසිය විශාල පිරිසක් යොදවා ඇති බවත්, විශේෂඥ වනජීවී නිලධාරීන් යොදා ගනිමින් දිවියා අල්ලා ගැනීමට උත්සාහ කරන බවත් පැවසෙයි.



Recommended Articles