දිව්‍ය සත්ප්‍රසාදයේ පාන් ගැන නව නියාමනයක් අවශ්‍ය වේ


රෝමානු කතෝලික දේවමෙහෙයන් හිදී දිව්‍ය සත්ප්‍රසාදය සඳහා යොදාගන්නා පාන් ග්ලුටන් ප්‍රෝටීනය රහිත පාන් (සාමාන්‍ය පාන්වල 80%ක් පමණ අඩංගු වන්නේ ග්ලුටන් ප්‍රෝටීනයයි) නොවිය යුතු බවත්, වර්තමානයේදී මේවා ජානමය වෙනස්කම්වලට භාජනය කර සැකසීමේ හැකියාවක් පවතින බවත් ගෙනහැර දක්වමින් වතිකානුව නියාමනයක අවශ්‍යතාව පෙන්වයි.

කාදිනල් රොබට් සාරාහ් විසින් බිෂොප්වරුන් වෙත ලිපියක් යවමින් පවසන්නේ වර්තමානයේදී මෙම පාන්වල බොහෝ විට අවම ග්ලුටන් සංයුතියක් පැවතිය හැකි බවයි. කෙසේ වෙතත්, ඔහු පෙන්වා දෙන්නේ වෙනත් විකෘති කිරීම් නොකළද, තිරිඟුවල ප්‍රමාණවත් තරම් ග්ලුටන් ප්‍රෝටීනය පවතිය යුතු බවයි.

ඒ අනුව, මේ වනවිට සුපිරි වෙළෙඳ සැල් සහ අන්තර්ජාලය තුළින් ආගමික වතාවත් සඳහා යොදාගන්නා පාන් ලබාගත හැකි බැවින් මෙම පාන් සම්බන්ධයෙන් නව නියාමනයක් පැවතිය යුතු බව කාදිනල්වරයා සඳහන් කර තිබේ.

රෝමානු කතෝලික විශ්වාසය අනුව දිව්‍ය සත්ප්‍රසාදයේදී ලබාදෙන පාන් සහ වයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සහ රුධිරය ලෙස සලකමින් සත්‍ය සම්මුඛභූතියෙන් යුතුව (පූජාවේදී පූජාකළ පාන් සහ වයින් සත්‍ය වශයෙන්ම ක‍්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සහ රුධිරය බවට පත්වීය යන විශ්වාසය) පිළිගැනීම සිදුවෙයි.



Recommended Articles