අලුත උපන් බිළිඳා මියගොස් ඇති බව ඉන්දියාවේ දිල්ලි රෝහලක් පැවසීම හේතුවෙන් දරුවාගේ අවසන් කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේදී දරුවා යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණි පුවතක් වාර්තා වෙයි.
දිල්ලි නුවර පෞද්ගලික රෝහලක් ලෙස සැලකෙන මැක්ස් රෝහලකදී සිදුවූ නිවුන් දරු උපතකදී දෙවැනි දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ පෞද්ගලික රෝහල්වල පවතින ගුණත්වය පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙන අතර, ඒවා බොහෝ විට අධික මිලක් අයකරන රෝහල් ලෙසද සැලකෙයි.
මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් බලධාරීන්ට දැනුම් දුන් බවයි.
මේ අතර, ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාද පවසා සිටියේ මෙය තැති ගැන්මක් ඇති කරවූ නොසැලකිලිමත්කමින් සිදුකිරීමට ගිය අපරාධයක් බවයි.