දිල්ලි අධිකරණ ඇමතිගේ නීති උපාධිය හොර එකක්ලු


දිල්ලියේ අධිකරණ අමාත්‍යවරයාගේ නීති උපාධිය හොර එකක් බව පවසමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

ජිතේන්ද්‍ර සිං නමැති දිල්ලි අමාත්‍යවරයා දූෂණ විරෝධී ආම් අදාම් පක්ෂයේ සාමාජිකයෙකු වෙයි.

කෙසේ වෙතත්, ඔහු තම නීති උපාධිය ලබාගැනීම සඳහා ඇතුළත්ව සිටි විශ්වවිද්‍යාලය සනාථ කිරීමට අපොහොසත් වුවහොත්, වංචාව හා කූඨ ලේඛන සැපයීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා පවසන්නේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. නමුත්, අදාළ විශ්වවිද්‍යාලයද එවැනි පුද්ගයෙකුට උපාධියක් ලබනොදුන් බව පවසා ඇත.



Recommended Articles