ඉන්දියාවේ, දිල්ලි අගනුවර ප්‍රමුඛ පෞද්ගලික රෝහලක සිදුවූ නීතිවිරෝධී වකුගඩු ජාවාරමක අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලීසිය පවසන්නේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ වෘත්තිකයන් දෙදෙනෙකු ඇතුළුව, පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
එහිදී, ඩොලර් 7,500ක මුදලකට අසරණ ජනතාවගේ වකුගඩු ලබාගෙන, එම වකුගඩු ඉතා අධික මිල ගණන්වලට රෝගීන්ට විකුණා ඇති බවද අනාවරණය වී තිබේ.
මේ අතර, රෝහල පවසන්නේ ඔවුන් මෙම ජාවාරමේ ගොදුරක් බවට පත්ව, වෛද්‍යවරුන්ද නොමග යැවීමක් සිදුව ඇති බවයි.